WHAT'S NEW?
Loading...

Android අලුත්ම version එක සිංහල භාෂාවත් එක්ක Lollipop නිකුත් වුනා...



දැන් lollipop ඇවිල්ලා ටික දවසක් වෙනවා.post එක ලියන්න කල් ගිය එකයි seen එක.කමක් නෑ දන් ඉතින් මක් කරන්නද.....ඔන්න එහෙනම් lollipop ගන දැන ගන්නකො..... Android L ලෙස කේත නාමය lollipop වලට දීලා තියෙනවා. මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0  නිළ වශයෙන් එළිදැක්වුණා. Android Lollipop නිකුත් වීමත් තවත් Nexus උපකරණ තුනකුත්  එළිදැක්වුණා.
Nexus 6 නම් විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් ටැබ්ලට් පරිගනකයක් හා Nexus Player නම් streaming media device එකක් මේ සමග වෙළදපොලට නිකුත් වුණා.Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇතැයි මත පලවී තිබෙනවා.


lollipop මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙන වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් interface එකයි.අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම interface එක  සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන තිබේ.තවද lollipop මෙහෙයුම් පද්දතිය කටහඬට ප්‍රතිචාර දක්වනවා.androidලට මේකෙදි ලාංකිකයන්වත් මතක් වෙලා සිංහලත් එකතු කරලා තියෙනවා.ඉතින් ඉස්සර වහේ android phone එකට සිංහල දන්න දෙයක් නෑ.

Notification මඟින් ඔබට පෙන්වන notification සීමා කර තිබේ. lollipop වල  බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකමක් එක කර තියෙනවා.එම නිසා හදිස්සි  වේලාවකදී වැඩිපුර  මිනිත්තු 90ක් පමණ භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවාlollipop තියෙන එකම උපකරණය කිහිපදෙනෙක් භාවිතා කරන විට ඒ ඒ පුද්ගලයාට ගැලපෙන්න profile හදා ගැනීමේ හැකියාව පවතිනවා.ඒ වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම අපහසු කිරීමත් lollipop හි නවාංග වේ.



lollipop official page එකට ගිහින් බලන්න කැමති අයට,
අපගේ fb page එකටත් like එකක් දාගෙනම යන්න.යාළුවන්ට බලන්න share කරන්න.


0 comments:

Post a Comment