WHAT'S NEW?
Loading...
Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts
     

       ගොඩ කාලෙකින් blog එක පැත්තේ එන්නත් බැරි වුණා.කොහෙද ඉතින් මගේ වැඩක්වත් කර ගන්න වෙලාවක් නැහැනේ....කට්ටියට මගේ බ්ලොග් එක අමතක වෙලාත් ඇති නේද? මොකද පටන්ගත්ත දවස් වල නම් එකදිගට post දැම්මට පස්සේ එන්න බැරි වුනානේ...
        මං අද අපේ ලංකාවේ හදන සුපිරි රේසින් කාර් එකක් ගැන තමයි කියන්න යන්නේ....සමහරු නම් දන්නවත් ඇති...කමක් නැහැ මේ නොදන්න අයට...කියවල බලන්නකෝ එහෙනම්...
මේ කාර් එකේ නම වේගා(Vega).ලැම්බොගිනි,ෆෙරාරි,බුගාටි වැනි කාර් සමග අන්තර්ජාතික වෙලදපොලේ තරග කල හැකි කාරයක් ලෙසයි මෙය වෙළදපොලට එන්නේ.


       අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව නම් මේගැන අදහස දීලා තියෙන්නේ කොඩේජන්(Codegen) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ සුබසිංහ මහතා විසිනුයි.මෙහි ව්‍යාපෘති කළමනාකරු වන්නේ බේෂාන් කුලපාල මහතායි.ඒ මහතා BBC පුවත් සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කල හැකි බවට මිනිසුන් හට ඒත්තු ගැන්විම තම සමාගම මුහුණ පන දැවැන්ත අභියෝගයක් බවයි.
       ශ්‍රී ලංකාව තුල මෙතෙක් සිදුකලේ එකලස් කිරීම පමණයි.නමුත් මේය 100%ක්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් බව ආඩම්බරයෙන් පවසන්න පුළුවන්...දැනට සදහන් වන පරිදි මෙය අශ්වබල 900ක් බලැති විද්‍යුත් මෝටරයකින් සමන්විතයි.ඒවගේම මේක 100%ක්ම ඉලෙක්ට්‍රික් කාරයක්.වේගාගේ පසුපස රෝද කරකවන්න වෙනම මෝටර් දෙකක් තියෙන බට තමයි දැනට දැන ගන්න ලැබෙන ආරංචිවල සදහන් වෙන්නේ.ඒවගේම සයිබර් අවකාශේ සදහන් වන පරිදි පැයට සැතපුම් 0 සිට 60ක් දක්වා වේගයක් ගැනීමට මේ වේගාට ගතවන්නේ තප්පර 3.5ක් පමනයිලු..ෆට්ට නේද?මෙහි වේගය 240Kmph පමණ වෙනවලු...(නමුත් සමහර තැන් වල සදහන් වෙන්නේ 150Km ලෙසයි)බැටරිය චාර්ජ් කලපසු  240Km දුරක් ගමන් කරන්න පුළුවන් කියල තමයි කියන්නේ...ඒවගේම මේකේ බොඩිය කාබන් ෆයිබ් යොදගෙනලු හදන්නේ...


       මේ වන විටත් නිෂ්පාදන කටයුතු කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ලේ සිදුකෙරෙමින් පවතී.ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන ලෝකයේ මෘදුකාංග සමාගම් අතර ඉහලින්ම සිටින එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් මෙම සුපිරි ”වේගා” නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බව පැවසෙනවා.නවීන තාක්ෂණය යොදා ගනිමින් සම්පූර්ණ්යෙන්ම දැතේ ශක්තියෙන් කොඩ නැගෙන මෙම ”වේගා” රිය ලෝකයේ ධනවතුන්ගේ ඉල්ලුමට පමණක් සැපයුම් ලබා දෙන රියක් බවටයි සදහන් වෙන්නේ.


       වේගා සුපිරි මෝටර් රථයේ මුලාකෘතිය 2015 අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත බව පැවසෙනවා.දෙසැම්බර් වන විට අන්තර්ජාතික වෙළදපොලට හදුන්වා දීමට නියමිතයිලු.මෙහි මිල සමහර තැන්වල ලක්‍ෂ 3000ක් හෝ ඊට වැඩි වනු ඇති බව සදහන් වෙනවා...නමුත් තවත් තැනක මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 400,000ක මිලක් වනු ඇති බවයි පැවසෙන්නේ....එමනිසා මෙහි මිල තවමත් ස්ථිර නැත...

මේ video එකත් බලන්නකෝ එහෙනම්..කොහොමද මේ කාර් එක කියලා,



මං අද linux Os එකක් අරගෙන අවා යාලුවනේ.මේක ලංකාවේ කොල්ලෝ 15 දෙනෙක් හදපු සුපිරිම Os එකක්.මෙන්න ඒ 15 දෙනා ගැන විස්තර මෙතනින්.මේක රිලීස් වෙලා නම් දැන් ටිකක් කල් වෙනවා.මං බාගෙන boot කරලා බැලුවේ ඊයේ.Os එක ගැන මං දන්නැතුව ඔයාලට විස්තර කියනන් බැහැනේ.එකයි මං මේ post එක කලින් දැම්මේ නැත්තේ.

මේකේ interface එක සුපිරියටම හදලා තියෙනවා.මේකට අපිට ඕන කරන ගොඩක් software Os එකටම ඇවිලා තියෙනවා.
Add caption
අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු,විනෝදයට,කම්මැලිකමට වැනි දේ  බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි.උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ facebook,twitter.e-mail,වැනි දේ භාවිතා කරනවා.එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට smart phone බිහිවී තිබෙනවා.නමුත් වාහනයක් එලවිමෙද්දී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි.