WHAT'S NEW?
Loading...

ඔබේ සමට ගැලපෙන්න ඇදුම් තෝරාගන්නේ මෙහෙමයි........


ඔන්න මං අද ඇදුම් තොර ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන පොඩි විස්තරයක් ගේනවා,කියවල බලන්නකෝ හොදද කියලා......
විලාසිතා නිසා වර්ණ පිළිබඳ අපි බොහෝ සැලකිලිමත්ය. නමුත් වර්ණ ගැන නොසිතා තමන්ගේ පෙනුමට වර්ණ කොතරම් ගැළපෙනවාද යන්න නොසිතා විලාසිතා කරන අයත් වෙති. එවිට එම විලාසිතාව විහිළුවකට ලක් වීමටද ඉඩ තිබේ. තම සිරුරේ වර්ණය, උත්සව අවස්ථාව, එහි තේමාව, තම වයස ආදී කරුණු බොහොමයක් ගැන අපට අවධානය යොමු කිරීමට සිදුවේ.
Trandy colours
යම් විලාසිතාවක් නිසි කාලයක් තුළ බොහෝ දෙනා අතර ප්‍රචලිත වීමෙන් TREND නිර්මාණය වේ. මෙයත් වර්ණ වර්ගීකරණයේදී මූලික වන්නකි.
උදා : සංගීතඥයන් වැනි කලාකරුවන්ගේ ඇඳුම් ආයිත්තම් වෙනස්ම ආරක් ගනියි.
• කොළ පැහැය තේමා කරගත් උත්සව අවස්ථාවන්ද ඒ අතර වේ.
බටහිර රටවල යම් වසරකටවත් වර්ණය එක් විලාසිතා සඳහා PANTONE ලෙස නම් කරයි. ඒ අනුව එම වසරේදී වැඩි වශයෙන් විලාසිතා අතරට එම වර්ණය එක් වීමද දක්නට ලැබෙන්නකි. නමුත් ශ්‍රී ලංකාව වැනි අප රටවල මෙවන් තත්ත්වයක් වර්ණ ගැළපීමේදී දැකිය නොහැකිය.
සමේ පැහැය අනුවද ඇතැම් විටක ඔබට විලාසිතාවන්ට යොමු වීමට හැකිය.

පැහැපත් සමට
• අඳුරු හා වර්ණවත් පැහැය වැනි ඕනම වර්ණයක්.
තළෙලු සමට
• වඩා තද පැහැති වර්ණ (bright colour) උචිත නොවේ.
• තද රතු කහ වැනි වර්ණ නුසුදුසුය.
• ඕනෑම වර්ණවත් (Pastol colours) පැහැයක් ගැළපේ.
අඳුරු පැහැ සමට
• තද පැහැති වර්ණ සුදුසු නොවේ.
• නමුත් මෙයද තමා සහභාගි වන අවස්ථාව අනුව වෙනස් වේ.
සාමාන්‍යයෙන් පැහැපත් සමකට ඕනෑම වර්ණයක් සුදුසුය. නමුත් සමේ පැහැය MAKE UP එකකින් වුවද අඩු වැඩි කරගත හැකිය. එහෙත් වර්ණවත් විලාසිතා අවශ්‍ය වනුයේ ශරීරයේ හැඩයට ආකර්ෂණීය පෙනුමක් එක් කර ගැනීමටය.
එම නිසාම සමේ පැහැයට විලාසිතා තෝරා ගන්නේ නැත. වර්ණ විවිධ වන්නේ TREND එකත් සමඟමය.
අව්ව සහිත සමයට
• කළු වැනි අඳුරු පැහැති විලාසිතා නුසුදුසුයි.
• එමඟින් හිරු එළිය උරා ගන්නා නිසා දැඩි උණුසුමක් ශරීරයට දැනෙයි.
• සුදුසු වන්නේ වර්ණවත් ඇඳුම් ආයිත්තම්ය.
• එමගින් හිරු එළිය පරාවර්තනය වේ.
• ශරීරයට සුව පහසුයි.
• කළු, රතු, තද නිල්, සුදු, රෝස, කහ, gold, Silver වැඩි වශයෙන් භාවිත වීම දක්නට ලැබේ.
• දිලිසෙන සුළු වර්ණවත් පැහැයන් මේ අතර වේ.
• දිලිසෙන බව අඩු ඇඳුම් සාමාන්‍ය උත්සවයන්ට උචිතයි.
විලාසිතා තෝරා ගැනීමේදී වයස් සීමාවන් බලපාන්නේ නැත. නමුත් යොවුන් වියේ පසුවන යුවතියන් රෝස වැනි පැහැයන් වැඩි වශයෙන් භාවිත කරයි. එවැනි පැහැයන් කෙළිලොල් බව අර්ථ ගන්වයි. ළා නිල්, ළා කොළ, දම් පැහැයන් ඇහැට ප්‍රිය උපදවන වර්ණයන්ය. විලාසිතා ලෝකයේ කළු, රතු යන වර්ණයන් HOT LOOK නිරූපණය කිරීමට වැඩි වශයෙන් යොදා ගැනේ.
                       

                                                                                                                                                                               life අඩවියෙන් උපුටා ගන්න ලදී.
       
     Share This..........!

0 comments:

Post a Comment