ඔන්න මං අද ඇදුම් තොර ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන පොඩි විස්තරයක් ගේනවා,කියවල බලන්නකෝ හොදද කියලා......
විලාසිතා නිසා වර්ණ පිළිබඳ අපි බොහෝ සැලකිලිමත්ය. නමුත් වර්ණ ගැන නොසිතා තමන්ගේ පෙනුමට වර්ණ කොතරම් ගැළපෙනවාද යන්න නොසිතා විලාසිතා කරන අයත් වෙති. එවිට එම විලාසිතාව විහිළුවකට ලක් වීමටද ඉඩ තිබේ. තම සිරුරේ වර්ණය, උත්සව අවස්ථාව, එහි තේමාව, තම වයස ආදී කරුණු බොහොමයක් ගැන අපට අවධානය යොමු කිරීමට සිදුවේ.
