WHAT'S NEW?
Loading...

කොහොමද යාලුවනේ ඉතින්?????? මාස ගානකින් අලුත් පොස්ටුවක් දාන්නත් බැරි වුණා.කොහෙද ඉතින් දැන් වේලාවක් නැනේ.... කාලෙකට පස්සේ ඔන්න ෆට්ටම site එකක් ගැන ඔයාලට කියන්න හදන්නේ මේ...
 මේ page එකෙන් එක එක ඒවා නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.මේ site එකේ smart watch, i phone, tab, camera, i pod... etc. මේවගේ ගොඩක් දේවල් තියෙනවා. අපි දවස ගානේ මේ site එකට ලොග් වුනාම අපිට 2GN හම්බෙනවා. මේ GN වලින් වලින් තමයි අපිට ඕනේ කරන දේවල් ගෙන්නන්න පුලුවන් වෙන්නේ.... වෙන site වල වගේ add click කර කර පැය ගණන් කට්ට කන්න දෙයක් නෑ.විනාඩි 2කයි site එකට log වුණා log out වුණා.. දැන් කතා ඇති..මේක කරන්නේ කොහොමද කියලා බලමු එහෙනම්..

මේ link එකෙන් site එකට යන්න.



register කියන එක click කරලා new account එකක් හදා ගන්න.

new account එක හැදුවට පස්සේ ඔයාගේ E - mail එක mail එකක් එයි gokano එකෙන් active කියලා. ඒක click කරාට පස්සේ ඔයාගේ account ඒක active වෙලා තියෙන්නේ.දැන් ඔයාලට මේ account use කරන්න පුළුවන්.

collect daily points කියන ඒක click කරාම 1GN හම්බෙනව.


ඊළගට complete the missions කියන එක click කරන්න.



complete the missions කියන එක click  කරාම මේ විදියට ප්‍රශ්නයක් අහයි.එකට ඔයාලා කැමති උත්තරයක් දීලා done කියන තැන click කරනන්.මේකට දෙන උත්තරය හරි වුනත් වැරදි වුනත් ඔයාලට 1GN එකක් අනිවාරෙන් හම්බෙනවා.


prizes කියන එක click කරලා අපිට නොමිලේ ගෙන්න ගන්න පුළුවන් දේවල් මොනවද කියලා බලන්න පුළුවන්.


ඉතින් මං හිතනවා මේක ඔයාලට කරදරයක් නෙමේ කියලා.දවස ගැනේ බුකිය පැත්තේ ඇවිදින වේලාවට මේ site එකට log වෙලා point 2ක් අරගෙන යන එක මහා දෙයක් නෙමේනේ...
අහ්හ්.. තව දෙයක් කියන්න ඕනේ මේ account එක smart phone එකෙන් හදන්න දෙන්නේ නෑ.ඔයාලට account එක හදා ගන්න වෙන්නේ PC එකෙන් තමා.account එක හදා ගත්තට පස්සේ phone එකෙන් log වෙන්න පුළුවන්.මාත් දැන් දවස ගැනේ phone එකෙන් log වෙලා point 2ක් දාගෙන යනවා...
එහනම් මං ගියා..ආයි කවදා අලුත් post එකක් දන්නා හම්බෙයිද දන්නේ නෑ.කොහොම වුනත් 2017 ඉදන් ඒක දිගට post දාන්න පුලුවන්..එහනම් නැවත හමු වෙමු.මොකක් හරි අවුලක් තිබුනොත් අපේ fb පගේ එකට කොමෙනේට්ටුවක් දාන්න.. 
මේ ලියන පොස්ට් ගැන හොද නරකත් එවන්න අමතක කරනන් එපා.

ඉතින් කස්ටියට කොහොමද..අදත් මං ලංකාවේ කොල්ලන්ගේ ෆට්ට වැඩක් ගැන කියන්න යන්නේ...ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොමලා ඉතින් fb ඉන්නවනේ....මේක ලංකාවේ කොල්ලෝ හදපු සමාජ ජාල වෙබ් අඩවියක්.නමින් wovo...ඒ වගේම මේ wovo 100%කම ශ්‍රී ලංකිකයි.මේක දක්කම් හිතෙනවා fb මොනාද කියලා..සුපිරියටම හදලා තියෙනවා...fb පරාදයි wovo වලට..මංනම් දැක්ක ගමන්ම account එකක් හදා ගත්හා...දන් ඉතින් මේ පොස්ට් එක බලපු අයත් ඉක්මනට account එක්ක හදාගෙන...වැඩි විස්තර කියන්න යන්නේ නැහැ..ගිහින්ම බලන්නකෝ...අනිත් අයටත් බලන්න share කරන්න් අමතක කරන්න එපා..



කොහොමද ඉතින්? මං නම් හොදින්....මං අද වෙනස්ම විදියේ පොස්ට් එකක් ගෙනාවේ.මේක වැදගත් වෙන්නේ බෞද්ධ අයට..පොස්ට් එකේ නම,පින්තුරේ එහෙම දැක්කම කට්ටිය දන්නවා ඇතිනේ....මේ පන්සීය පනස් ජාතක පොත...අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ පෙර භවයන් ගැන පන්සීය පනස් ජාතක පොතෙන් මනාවට ගෙනහැර දකවනවා..බෞද්ධයකු වශයෙන් පන්සීය පනස් ජාතක පොත කියවලා තියෙන්න ඕනෙනේ...ඉතින් කට්ටිය බාගෙන කියවාන්නකෝ....


    19 Mb winrar file එක extract කරගන්න...එකේ ජාතක කතා 550ම pdf 550ක් විදියට තියෙනවා....ඔයාලට කැමති එකක් කියවන්න පුළුවන්...
මේක මට හම්බුනේ සයිබර් අවකාශේ එන්නකොට...මොනා වුනත් මේක හදපු අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ...  

     

       ගොඩ කාලෙකින් blog එක පැත්තේ එන්නත් බැරි වුණා.කොහෙද ඉතින් මගේ වැඩක්වත් කර ගන්න වෙලාවක් නැහැනේ....කට්ටියට මගේ බ්ලොග් එක අමතක වෙලාත් ඇති නේද? මොකද පටන්ගත්ත දවස් වල නම් එකදිගට post දැම්මට පස්සේ එන්න බැරි වුනානේ...
        මං අද අපේ ලංකාවේ හදන සුපිරි රේසින් කාර් එකක් ගැන තමයි කියන්න යන්නේ....සමහරු නම් දන්නවත් ඇති...කමක් නැහැ මේ නොදන්න අයට...කියවල බලන්නකෝ එහෙනම්...
මේ කාර් එකේ නම වේගා(Vega).ලැම්බොගිනි,ෆෙරාරි,බුගාටි වැනි කාර් සමග අන්තර්ජාතික වෙලදපොලේ තරග කල හැකි කාරයක් ලෙසයි මෙය වෙළදපොලට එන්නේ.


       අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව නම් මේගැන අදහස දීලා තියෙන්නේ කොඩේජන්(Codegen) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ සුබසිංහ මහතා විසිනුයි.මෙහි ව්‍යාපෘති කළමනාකරු වන්නේ බේෂාන් කුලපාල මහතායි.ඒ මහතා BBC පුවත් සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කල හැකි බවට මිනිසුන් හට ඒත්තු ගැන්විම තම සමාගම මුහුණ පන දැවැන්ත අභියෝගයක් බවයි.
       ශ්‍රී ලංකාව තුල මෙතෙක් සිදුකලේ එකලස් කිරීම පමණයි.නමුත් මේය 100%ක්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් බව ආඩම්බරයෙන් පවසන්න පුළුවන්...දැනට සදහන් වන පරිදි මෙය අශ්වබල 900ක් බලැති විද්‍යුත් මෝටරයකින් සමන්විතයි.ඒවගේම මේක 100%ක්ම ඉලෙක්ට්‍රික් කාරයක්.වේගාගේ පසුපස රෝද කරකවන්න වෙනම මෝටර් දෙකක් තියෙන බට තමයි දැනට දැන ගන්න ලැබෙන ආරංචිවල සදහන් වෙන්නේ.ඒවගේම සයිබර් අවකාශේ සදහන් වන පරිදි පැයට සැතපුම් 0 සිට 60ක් දක්වා වේගයක් ගැනීමට මේ වේගාට ගතවන්නේ තප්පර 3.5ක් පමනයිලු..ෆට්ට නේද?මෙහි වේගය 240Kmph පමණ වෙනවලු...(නමුත් සමහර තැන් වල සදහන් වෙන්නේ 150Km ලෙසයි)බැටරිය චාර්ජ් කලපසු  240Km දුරක් ගමන් කරන්න පුළුවන් කියල තමයි කියන්නේ...ඒවගේම මේකේ බොඩිය කාබන් ෆයිබ් යොදගෙනලු හදන්නේ...


       මේ වන විටත් නිෂ්පාදන කටයුතු කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ලේ සිදුකෙරෙමින් පවතී.ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන ලෝකයේ මෘදුකාංග සමාගම් අතර ඉහලින්ම සිටින එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් මෙම සුපිරි ”වේගා” නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බව පැවසෙනවා.නවීන තාක්ෂණය යොදා ගනිමින් සම්පූර්ණ්යෙන්ම දැතේ ශක්තියෙන් කොඩ නැගෙන මෙම ”වේගා” රිය ලෝකයේ ධනවතුන්ගේ ඉල්ලුමට පමණක් සැපයුම් ලබා දෙන රියක් බවටයි සදහන් වෙන්නේ.


       වේගා සුපිරි මෝටර් රථයේ මුලාකෘතිය 2015 අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත බව පැවසෙනවා.දෙසැම්බර් වන විට අන්තර්ජාතික වෙළදපොලට හදුන්වා දීමට නියමිතයිලු.මෙහි මිල සමහර තැන්වල ලක්‍ෂ 3000ක් හෝ ඊට වැඩි වනු ඇති බව සදහන් වෙනවා...නමුත් තවත් තැනක මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 400,000ක මිලක් වනු ඇති බවයි පැවසෙන්නේ....එමනිසා මෙහි මිල තවමත් ස්ථිර නැත...

මේ video එකත් බලන්නකෝ එහෙනම්..කොහොමද මේ කාර් එක කියලා,



ඉතින් කොහොමද යාලුවනේ....ගොඩ කාලෙකින් post එකක් දන්නත් බැරි වුනානේ........ඉතින් මන් අද ඔන්න හැමෝටම වැදගත් වෙන සුපිරීම post එකක් ගේනවා ඔන්න...මං මේක එනකන් ගොඩ කාලයක් බලාගෙන හිටිය..ඔන්න දැන් එක ඇවිල්ලා.ඒ වෙනමොකක් වත් නෙමේ යාලුවනේ.....Google Translator වලට දැන් සිංහලත් එකතු කරලා.
.Google Translator කියන්නේ ලෝකේ බොහෝ දෙනෙක් භාෂා පරිවර්තනයට යොදාගන්න එකක්නේ..එත් ගැටලුවකට තිබුනේ සිංහල නැති එකනේ ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.දැන් ඉතින් හිතේ හැටියට සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්,ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවටත් පරිවර්තනය කරාගන්න් පුළුවන් හොදේ....සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක්ද Google Translator එකට එකතු කරලා තියෙනවා.ඉතින් පහළින් ඔයාලත් පාවිචි කරලා බලන්නකෝ...




ඔන්න මං අද ඇදුම් තොර ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන පොඩි විස්තරයක් ගේනවා,කියවල බලන්නකෝ හොදද කියලා......
විලාසිතා නිසා වර්ණ පිළිබඳ අපි බොහෝ සැලකිලිමත්ය. නමුත් වර්ණ ගැන නොසිතා තමන්ගේ පෙනුමට වර්ණ කොතරම් ගැළපෙනවාද යන්න නොසිතා විලාසිතා කරන අයත් වෙති. එවිට එම විලාසිතාව විහිළුවකට ලක් වීමටද ඉඩ තිබේ. තම සිරුරේ වර්ණය, උත්සව අවස්ථාව, එහි තේමාව, තම වයස ආදී කරුණු බොහොමයක් ගැන අපට අවධානය යොමු කිරීමට සිදුවේ.

ඔන්න මං අද වෙනස්ම subject එකකින් post එකක් දැම්ම.awlk නැනේ කට්ටියට නේද......? මේ post එක අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි.....වැඩිය අනං මනං කියවලා කලේ කන්නේ මොකටද...කියවල බලන්නකෝ........
විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් විවිධ ක්ෂේත්‍ර වල තරුණියන් සහභාගී කරවාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වුනු තොරතුරු තමයි මේ. බලන්න ඔබ තුලත් මේ ගති ගුණ තිබෙනවාද කියලා.